ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව එක්දින තරග 5 කට සහභාගිවීම සඳහා පාකිස්තාන වයස 19 න් පහළ කණ්ඩායම  අද රාත්‍රියේ (23දා ) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය මේ මස 26 වැනිදා, දෙවැන්න 28 වැනිදාද, තෙවැන්න 31 වැනිදාද පැවැත්වෙන අතර සිවුවැනි සහ පස්වැනි තරග පැවැත්වෙන්නේ ජූනි මස 2 වැනිදා සහ 5 වැනිදා යන දිනවලදීය.

තරගාවලියේ සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගාවලිය නිමා වීමෙන් අනතුරුව ජූනි මස 6 වැනිදා පාකිස්තාන යොවුන් කණ්ඩායම ආපසු සිය රට බලා පිටත්ව යෑමට නියමිතය.

තරග කාල සටහන

  • මැයි 26 වැනිදා – පළමු යොවුන් එක්දින තරගය
  • මැයි 28 වැනිදා – දෙවැනි යොවුන් එක්දින තරගය
  • මැයි 31 වැනිදා – තෙවැනි යොවුන් එක්දින තරගය
  • ජූනි 2 වැනිදා – සිවුවැනි යොවුන් එක්දින තරගය
  • ජූනි 5 වැනිදා – පස්වැනි යොවුන් එක්දින තරගය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here