1983 අගෝස්තු 28 වන දින උපත ලැබූ ලසිත් මාලින්ගගේ උපන් ගම වූයේ ගාල්ලයි. කුඩා කල පටන්ම ක්‍රිකට් ක්‍රීඩාවට හපන්කම් දැක්වූ ලසිත් මාලින්ග වයස අවුරුශු 18 දීම තම මන්ගල පලමුපෙල තරගයට ක්‍රීඩාකලේ ඔහුගේ දක්ශතාවය නිසාමය. ඉන්පසුව 2004 වසරේදී ජාත්‍යන්තර එක්දින වරම් හිමිකරගන්නා ලසිත් මාලින්ග මුල් කාලයෙ පටන්ම ජාත්‍යන්තර පිටියේ කැපී පෙනෙන චරිතයක් බවට පත්විය.

2007 ලෝක කුසලානයේදී පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගෙන ලෝක වාර්තාවක් තබන ලසිත් මාලින්ග විස්සයි විස්ස ක්‍රීඩාවේ රජු ලෙස හදුන්වයි. විස්සයි විස්ස හොදම අවසන් පන්දුවාර යවන්නා වන මාලින්ග මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තර 73 කදී කඩුලු 97 ක් බිදහෙලන්නට සමත්වී ඇත.

එක්දින තරග 218 කදී කඩුලු 322 ක් බිද දමන්නට සමත්ව ඇති මාලින්ගගේ හොදම එක්දින පන්දුයැවීම වන්නේ ලකුනු 38 කට කඩුලු 6 ක් දවාගැනීමයි. අයි පී එල් තරගාවලිවල වැඩිම කඩුලු ලාබියා වන්නේද ලසිත් මාලින්ග වන අතර අයි පී එල් තරගවලද සුපිරි වාර්තා තබන්නට මාලින්ග සමත්වී ඇත.

ආබාධ තත්වයන් නිසාවෙන් මාලින්ග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉක්මනින් සමුගත් අතර ඒ වනවිට තරග 30 ක් තුල කඩුලු 101 ක් දවාගන්නට මාලින්ග සමත්ව සිටියහ. 2019 ලෝක කුසලානයේද ශ්‍රී ලන්කාව සතු හොදම බලාපොරොත්තුව වන ලසිත් මාලින්ග මෙම ලෝක කුසලානයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට වැඩි ඉඩක් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here